Viping cream Recipe

Viping cream  පොල්කිරි විප් ක්‍රීම්


අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කුරුට්ට නැති පොල් කෑලි (පොල් ගෙඩියක පමණ)

 

  • පොල් කෑලි වල කුරුට්ට නැති වෙන්න කපල අයින් කරලා මේ ටික වතුර කෝප්ප 1ක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • වතුර වැඩි කරගන්න එපා. දැන් මේකෙන් පොල් කිරි මිරිකලා පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා ගත්තු මිටිකිරි ටික ෆ්‍රිජ් එකේ පැය 12ක් තියන්න.
  • දැන් පොල් උඩට මිදිලා වගේ පෙනෙයි. මේ ටික  උඩින් හිමීට අයින් කරලා අරන් ඒ ටික නැවත ෆ්‍රිජ් එකට දාගන්න.
  • දැන් අපි සාමාන්‍ය​යෙන් දන්න විදියට විප් ක්‍රීම් බීට් කරන්න කලින් බීටර් එකේ කූරු දෙක හා වතුර නැති වියළි භාජනයක් ෆ්‍රිජ් එකේ දාලා හොඳට කූල් කරල අරගන්න. 
  • දැන් පොල්කිරි ටික භාජනයට දාලා හොඳට බීට් කරගන්න විනාඩි 2ක් විතර.
  • ටික ටික කැටි ගතියට එනවා පෙනෙයි. ගොඩක්ම බීට් කරන්න එපා ආයෙ කිරි බවට පත් වෙන්න පුළුවන්.
  • ක්‍රීම් එක හැදුවට පස්සෙ ෆ්‍රිජ් එකේ දාලා පාවිච්චියට  ගන්න පුළුවන්. ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තියෙන අයට, සත්ත්ව කිරි වලට ආසාත්මිකතා තියෙන හෝ අකමැති අයට විපින් ක්‍රීම් වෙනුවට මේ පොල්කිරි විප් ක්‍රීම් පාවිච්චි කරන්න පුළුවන්.

No comments:

Post a Comment

පෑන් කේක් - Pan Cake

  Pan Cake |  පෑන් කේක් View Recipe