Seeni Murukku


Seeni Murukku | සීනි මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල්පිටි ග්‍රෑම් 500
පොල් බෑයක කිරි
බිත්තර 2
ලුණු
සීනි


මුලින්ම හාල්පිටි බැදලා හලාගන්න. ඒකට හොඳට ගසාගත් බිත්තර 2 හා ලුණු එකතු කරන්න. ඒක ඝණ ද්‍රාවණයක් වගේ හැදෙනකල් පොල්කිරි එකතු කරන්න.
දැන් නොම්බර 17 හෝ නොම්බර 32 නොසල් වලින් මුරුක්කු මිශ්‍රණය රත් වූ තෙලට පයිප් කරගෙන රන්වන් පාට වෙනකම් බැදගන්න.
දැන් තෙල් බේරෙන්න මුරුක්කු ටික පැත්තකින් තියාගන්න.
භාජනයකට සීනි හා වතුර දාලා උණු වෙනකක් හැඳිගාන්න. එහෙම හදාගත්තු පත්පැණි වල මුරුක්කු ටික දාල දවටගෙන නිවෙන්න අරින්න.

No comments:

Post a Comment

පෑන් කේක් - Pan Cake

  Pan Cake |  පෑන් කේක් View Recipe