Puhul Dhoosi

Puhul Dhoosi පුහුල් දෝසි



ප්‍රථම ක්‍රමය  
අවශ්‍ය ද්‍රව්‍ය  

  • කිලෝ ග්රෑම් 2 1/2 පමණ බර ඇති පුහුල් ගෙඩියක්  
  • සිනි කිලෝ ග්රෑම් 2  
  • කරදමුංගු කුඩු තේ හැඳි 1  
සාදන ක්‍රමය   

  • පුළුන් නොවුණ පුහුල් ගෙඩියක් ගෙන මද සහ ඇට හැර ග්රෙටරයකින් හෝ ගාරුප්පුවකින් ගාගන්න.  
  • අනතුරුව ලේන්සුවක සදා මිරිකා පුහුල්වල තිබෙන වතුර හැර බේසමකට දමන්න.  
  • වතුර නටවා පුහුල්වලින් උඩට සිටින සේ නටන වතුර වත්කර භාජනයකින් වසන්න.  
  • ටික වේලාවකට පසු ලේන්සුවේ දමා වතුර මිරිකා තවත් වතුර ඇත්නම් බේරීමට එල්ලා තබන්න.  
  • ඉන්පසු පුහුල් හා සීනි තාච්චියට දමා ලිප තබා හැඳි ගාන්න. පදමට එනවිට කරදමුංගු ආදී සුවඳ ද්‍රව්‍යයන් ද දමන්න.  
  • තාච්චිය වටේ සීනි වියළී එන පදමේදී ලිපෙන් ඉවත්කර බන්දේසි ලෑල්ලක තුනී කොටගෙන කැබලි කපා ගන්න.  
  

දෙවන ක්‍රමය  
අවශ්‍ය ද්‍රව්‍ය  

  • ග්‍රේටරයකින් ගා මිරිකා ගත් පුහුල් කිලෝ ග්‍රෑම් 2 1/2  
  • සීනි කිලෝ ග්‍රෑම් 2  
  • කරදමුංගු තේ හැඳි 1  
  • කජු ග්‍රෑම් 100  
සාදන ක්‍රමය  

  • සීනි සහ පුහුල් පිල තබා හොඳින් හැඳිගාගන්න.  
  • සුවඳ ද්‍රව්‍යයන් ද දමන්න. මෙසේ හැඳිගා පිසුණු පසු ලිපෙන් ඉවත්කර ගෙන බන්දෙසියකට දමා තුනී කරගන්න.  
  • කජු මඩ සිහින් ලෙස කපා තමන්ට අවශ්‍ය කරන පාටත් සීනි පැණියට දමා පත් පැණි කරගන්න.  
  • තුනී කරගත් පුහුල් මතුයෙහි පත් පැණි කරගත් කජු දමා රෝල් කරන්න. පුහුල් වියළෙන්නට ප්‍රථම මෙසේ කළ යුතුයි.  
  • ඉන්පසු මේස පිහියකින් කැමති හැඩයකට කපා ගන්න  

No comments:

Post a Comment

පෑන් කේක් - Pan Cake

  Pan Cake |  පෑන් කේක් View Recipe