Patis පැටිස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි 200 g
- බටර් 20 g
- බිත්තර 1
- ලුණු ,ගම්මිරිස්
- බේකින් පවුඩර් තේ හැදි ¼
- තම්බා ගත් ඉස්සන් කීපයක්
- ලූනු පෙති
සාදන ක්‍රමය
පාන් පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න. බටර් ලුණු ,ගම්මිරිස් බිත්තර පාන් පිටි යන සියල්ල එකට දමා ඝන මිශ්‍රණයක් සාදා පැය ½ක් පිපෙන්නට හරින්න.පසුව එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ලෑල්ලක් මත තුනී කර රවුම් සාදා ගන්න.එවැනි රවුම් 10ක පමණ එක සමානව සාදා ගන්න.දැන් ඉන් රවුම් 5ක ගෙන ඒ මත ඉස්සෙක් හා ලූනු පෙත්තක් තබා අනෙක් රවුමෙන් වසන්නතදැන් ඒ රවුම් 02කම සීල් වන ආකාරයට ගෑරුප්පුවකින් වටේට තද කරන්න.මේ ආකාරයට සියල්ලම සාදා ග් පසු උණුසුමු බදුනක තබා වැනාඩි 25ක් පමණ බේක් කරන්න.

No comments:
Post a Comment