Pathola Cutlet

Pathola Cutlet  පතෝල කට්ලට් 


අවශ්‍ය දෑ

පතෝල කට්ලට්
ඉගුරු සුදු ළූණු පේස්ට් තේ හැදි 2
පුංචියට කපාගත්තු ලොකු ළූණු ගෙඩියක්
කරපිංචා ඉත්තක්
තම්බා ගත් අල ගෙඩි 2-3
පොඩි සැමන් ටින් එකක් හෝ තම්බපු මාලු
රස අනුව ලුණු හා ගම්මිරිස්
තරමක් මහත පතෝල කරලක්
බිත්තරයක්
පාන් කුඩු
බැද ගැනීමට තෙල්.

සාදන අයුරු

පෑන් එකකට තෙල් චුට්ටක් දාලා ලිපේ තියලා රත් වෙද්දී ඉගුරු සුදු ළූණු පේස්ට් ටික එක්තු කරන්න.
කරපිංචා ටිකත් හීනියට ලියලා එකතුකරලා ඊළඟට පුංචියට කපාගත්තු ලොකු ළූණු ටික තෙලට එකතුකරලා තෙලෙන් මලවා ගන්න.
ඊලගට තම්බපු මාලු එහෙමත් නැත්නම් සැමන් ටික කටු ඉවත් කරලා තෙම්පරාදුවට එකතු කරලා හොඳින් කලවම් කරගෙන රස අනූව ලුණු හා ගම්මිරිස් එකතු කරලා තම්බලා පොඩිකර ගත්තු අල ටිකත් දාලා හොඳින් කලවම් කරගන්න.
පතෝල කරල හොදට හෝදලා පිට පොත්ත සුද්ද කරලා අගල්. 3/4 වගේ වලලු කපා ගන්න. මෙහෙම කපාගත්තු පතෝල රවුම් ටික නටන වතුරෙ තත්පර 30ත් මිනිත්තුවත් අතර කාලයක් තියලා වතුර බේරෙන්න තියන්න.
හොදට තෙත මාත්තු කර ගත්තු පතෝල රවුම් වලට හදාගත්ත පිරවුම පුරවන්න.
පොඩි භාජනයකට බිත්තරය කඩලා රස අනූව ලුණු එකතුකරලා ගෑරුප්පුවකින් ටිකක් තට්ටුකරලා පුරවාගත් පතෝල රවුම් බස්සලා පාන් කුඩු දවටා ගන්න.
දැන් ගැඹුරු තෙලේ බැදලා රස බලන්න

No comments:

Post a Comment

පෑන් කේක් - Pan Cake

  Pan Cake |  පෑන් කේක් View Recipe