Naran Kewum

Naran Kewum | නාරං කැවුම්



අවශ්‍ය ද්‍රව්‍ය   

  • මුං පිටි (කැබලි සහිත) 400   
  • ගාගත් පොල් 400g   
  • පැණි කෝප්ප 1 ½   
  • සීනි 130   
  • එනසාල්  
  • කරාබු නැටි  
  • බැද ගැනීමට පොල් තෙල්  
දවටනය සදහා   

බිත්තර  2
උකු පොල් කිරි කෝප්ප 3
හාල් පිටි  300g
ලුණු තේ හැඳි  1
කහ කුඩු තේ හැඳි  ½ 

සාදන ආකාරය   

මුං ඇට කබලේ බැද කැබලි සිටින සේ කුඩු කර ගන්න. ගාගත් පොල් , පැණි ,සීනි , තලාගත් එනසාල් , කරාබු නැටි හා වතුර ස්වල්පයක් දමා ළිප තබා හැඳි ගාමින්  පිසගන්න. තෙත ගතිය අඩුවේ ගෙන එන විට මුංපිටි එකතු කරමින් හොඳින් කලවම් කර  ගන්න. දැන් කුඩා බෝල සාදා ගන්න. ඉන්පසු හාල් පිටි ,පොල් කිරි ,බිත්තර ,ලුණු හා  කහ මිශ්‍ර කර ගත් දවටනය සාදා ගන්න. දැන් සාදා ගත් මුං බෝල දවටනයේ ගිල්වා  රත් වු ගුඹුරු තොල් බැදගන්න 

No comments:

Post a Comment

පෑන් කේක් - Pan Cake

  Pan Cake |  පෑන් කේක් View Recipe