Mango Jam රසවත් අඹ ජෑම්
අවශ්‍ය ද්‍රව්‍ය:
- හොඳින් ඉදුනු අඹ කෝප්ප 2ක්
- සීනි 50g
- දෙහි යුෂ මේස හැඳි 1ක්
සාදන ආකාරය:
- අඹ හොඳින් සුද්දකර ලෙලි හා ඇට ඉවත් කරන්න.
- අඹ කැබලි වන සේ කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න.
- දැන් පිරිසිඳු බඳුනකට අඹ, සීනි සහ දෙහි යුෂ එක් කර අඩු ගින්දරේ හැඳි ගාමින් විනාඩි 20 – 25ක් පමණ පිස ගන්න.
- මිශ්‍රණය දිලිසෙන සුළු පැහැයට පැමිණි පසු ලිපෙන් බාගෙන නිවෙන තුරු හැඳි ගාන්න.
- හොඳින් ජීවානුහරණය කල බෝතල් වල අසුරා පාවිච්චියට ගන්න.
No comments:
Post a Comment