Garlic Rice Food Recipe

Garlic Rice සුදු ලූණු බතක්


අවශ්‍ය ද්‍රව්‍ය:

හාල් ග්‍රෑම් 500 (බාස්මතී, සම්බා හෝ පුන්නි)
දුන්තෙල් මේස හැඳි 3 (කැමතිනම් මේ වෙනුවට එලවලු තෙල් යොදාගත හැක.)
ලොකු සුදුලූනු ගෙඩි 1 1/2 (බික් ගලවා, පොතු ඇර)
තක්කාලි ගෙඩි බාගයක් (හීනියට කපා)- අවශ්‍යම නැත. නමුත් තක්කාලි වලින් හොඳ රසයක් මෙන්ම ලස්සන පාටක්ද එකතු කරයි.
කරපිංචා, රම්පේ, ලූනු ස්වල්පයක් හීනියට කපා
උලුහාල්, ගම්මිරිස් ඇට, එනසහල්, කරාඹු නැටි ස්වල්පය බැගින්
කුරුඳු පොතු කැබැල්ලලක්
පොල්කිරි කෝප්ප කාලක් (අවශ්‍යම නැත)
ලුනු

ක්‍රමය: 

තරමක් ගැඹුරු තාච්චියක් ලිප තමා දුන්තෙල් හෝ එලවලු තෙල් දමා, රත්වන විට හීනියට කපාගත් කරපිංචා, රම්පේ, ලූනු, උලුහාල්, ගම්මිරිස් ඇට, එනසහල්, කරාඹු නැටි සහ කුරුඳු පොතු කැබැල්ල එක කරන්න. හොඳින් සුවඳ එනවිට, සෝදාගත් සහල්ද එක්කර ටිකක් බැදෙන්නට අරින්න. දැන් මේ සියල්ල රයිස් කුකර් එකට දමා, සමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වතුර දමන්න (කෝප්ප කාලක් පමණ අඩුවෙන්). ලුනුත් එකතුකර ඉදෙන්නට අරින්න. විනාඩි පහකින් පමණ, වතුර තරමක් හිඳුනු පසු (මුලුමනින්ම හිඳෙන්න අරින්න එපා), සුදුලූනු බික් සහ තක්කාලි එකතු කරන්න. සුදු ලූනු බික් ටික හැන්දක ආධාරයෙන් බත ඇතුලට බස්සවන්න. බත කූරු ගාන්න එපා. දැන් රයිස් කුකරය වසා ඉදෙන්නට අරින්න. රයිස් කුකරය ඕෆ් වෙන්න කිට්ටු කර, පොල්කිරි එක්කරන්න. රයිස් කුකරය ඕෆ් වුනාට පස්සෙ, විනාඩි පහකින් පමණ හොඳින් කූරු ගාන්න.

No comments:

Post a Comment

පෑන් කේක් - Pan Cake

  Pan Cake |  පෑන් කේක් View Recipe