Chocolate Custard Pudding | චොකලට් කස්ටඩ් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය:
උකු කිරි ටින් 1
කස්ටඩ් පවුඩර් මේස හැඳි 3
බිත්තර 4
ජෙලටින් තේ හැඳි 3
සිනි කෝප්ප 1
කොකෝවා පව්ඩර්
සාදන අයුරු:
බිත්තර වල සුදු මද කහ මද වෙන් කරගන්න. බඳුනකට කස්ටඩ් පවුඩර් ටික දමන්න. සාස්පානක් ලිප තබා උකු කිරි සහ වතුර ටින් දෙකක් (උකු කිරි ටින් එකේ ප්‍රමාණයටම) එක්කර මද ගින්නෙන් රත් කරගන්න. ඉන් කිරි මේස හැඳි තුනක් ගෙන කස්ටඩ් පවුඩර් ටිකට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. බිත්තර කහ මද ටිකද එයටම එක්කර නැවත හොඳින් මිශ්‍ර කරගන්න. දැන් කිරි ටික ලිපෙන් ඉවතට ගෙන කස්ටඩ් පවුඩර් මිශ්‍රණයට ටිකෙන් ටික එක්කරමින් මිශ්‍ර කරගන්න. හොඳින් මිශ්‍ර කරගත් පසු නැවත සාස්පානට මිශ්‍රණය දමා ඝන වනතුරු මද ගින්දරේ උණු කරගන්න. පසුව එය වීදුරු බඳුනකට දමා හොඳින් සිසිල් වීමට තබන්න. උණු වතුර ස්වල්පයකට ජෙලටින් දමා දිය කරගන්න. බිත්තර සුදු මද හොඳින් බීට් කරගන්න. බීට් කරන අතරේ දියකරගත් ජෙලටින් සහ සීනි ටිකෙන් ටික එකතු කරන්න. දැන් කොකෝවා පව්ඩර් එයට එක්කරගන්න. නැවත විනාඩි කිහිපයක් බිට් කරගෙන කස්ටඩ් මිශ්‍රණය උඩින් එය දමාගන්න. පැයක් පමණ ශීතකරණයේ තබා පිළිගන්වන්න.
චොකලට් කැබලි, whipped cream, ස්ටූකරගත් අන්නාසි, කජු සහ ස්ට්‍රෝබෙරි එක්කර සරසා ගන්නත් පුළුවන්. ඉතා පහසුවෙන්ම සැකසිය හැකි මෙම කදිම උත්සව අවස්තාවක් සඳහා අනිවාර්යයෙන්ම එකතු කර ගන්න

No comments:
Post a Comment