Wandu Appa Food Recipe

Wandu Appa වන්ඩු ආප්ප 


අවශ්ය දේවල් :
හාල් පිටි කප් 2 
පාන් පිටි කප් 1/2 
දුඹුරු සීනි කප් 1(අවශ්ය පරිදි අඩු වැඩි කර ගන්න )
ලුනු ස්වල්පයක් 
උකුපොල් කිරි කෝප්ප 1/4 
වර්ණය ලබා ගැනීමට සීනි කැරමල් කර ගන්න 
යීස්ට් තේ හැදි 1/4 
සිහින්ව අඹරා ගත් පොල් මේස හැන්දක් 
කොස් කොල - එයට අමු පොල් කොල ඉරටු හෝ ටූත් පීක් ගසා ගොටු සාදා ගන්න .

සාදන අයුරු :
හාල් පිටි, පාන් පිටි සීනි කැරමල්, පොල් කිරි එකතු කරන්න. පොල් ටිකඑකතු කරන්න. සීනි ස්වල්පයකට යීස්ට් ටික මද උනුසුම් වතුර ස්වල්පයකට දමා හොඳින් දිය කර ඉහත මිශ්රණයට එකතු කරන්න .ලුනු එකතු කරන්න .මෙය ආප්ප මිශ්රණයට වඩා ගන කම් විය යුතුය .පැය 5 වත් පිපෙන්නට තබා මිශ්රණය ගොටු වලට දමා හුමාලයෙන් තම්බා ගන්න.
වෙනස්කම් කලේ පොල් ස්වල්පයක් අඹරා එකතු කලා. කෙසෙල් කොල කපා ගොටු සකස් කලා.පිට රට ඉන්න අයට මේ දෙකම නැති නිසා දුක් වෙන්න එපා මිදි කොල ගොටු සකස් කර හදා ගන්න .

No comments:

Post a Comment

පෑන් කේක් - Pan Cake

  Pan Cake |  පෑන් කේක් View Recipe