අවශ්‍ය දෑ
- පිසගත් කැකුලු බත් 200g
- බාගෙට තම්බාගත් තරමක් ලොකු ගොවා කොල 10ක්
- තලාගත් ඉගුරැ ,සුදු ලුනු තේ හැන්ද බැගින්
- කැලි මිරිස් තේ හැන්දක ප්‍රමාණයක්
- අබ ඇට කිහිපයක්
- රම්පේ ,කරපිංචා ටිකක්
- සිහින්ව කපාගත් තරමක ලුනු ගෙඩියක්
- බිත්තර 2ක්
- බිස්කට් කුඩු 100g
- චිස් කුඩු 10g
- ලුණු පදමට
සාදාගන්නා ආකාරය
බාජනයකට ඉගුරැ ,සුදු ලුනු ,ලුනු,අබ, රම්පේ, කරපිංචා දමා තෙල් මෙස හැන්දක් දමා බැදගන්න.. ඉන්පසු කැලි මිරිස් එයට එක් කරන්න රන්වන් පාටට පැමිනි පසු සිසිල් වන්න තබා එයට පිසගත් බත් එකතුකර බිත්තර 2ක් සහ චිස් කුඩු දමා හොදින් කලවම් කරන්න. සාදාගත් මිශ්‍රනය ගුලි සාදා තම්බා ගත් ගොවා කොල වලින් ආවරණය කර බිත්දර යොදයෙන් පොගවා බිස්කට් කුඩු තවරා ගැබුරැ තෙලෙ බැදගන්න
No comments:
Post a Comment